රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව අමාත්‍යාංශ ලේකම්වරු රැසක් ඉල්ලා අස්වීමේ සූදානමක

රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගන්නා ලෙස එල්ල වෙමින් තිබෙන පීඩනයට විරෝධය පා අමාත්‍යංශ ලේකම්වරු රැසක් ඉල්ලා අස්වීමට සැරසෙන බවට අනාවරණය වෙමින් පවතී.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරෙන් සී. පී. අතුලුවගේ ඉල්ලා අස්වීමත් සමඟ අමාත්‍යංශ ලේකම්වරු ද එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඔහු ඉල්ලා අස්වීමත් සමඟ ඇමති බන්දුල ගුණවර්ධන පුරසාරම් දොඩවා තිබුණේ තමා විසින් ඔහුව සභාපති ධුරයෙන් ඉවත් කළ බවයි.

බන්දුල ගුණවර්ධනගේ අමාත්‍යංශය යටතේ පවතින ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල ප්‍රධානියෙකු වන සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ කර්තෘ ප්‍රමෝද ද සිල්වා මේ වනවිට ඇමතිගේ කටයුතුවලට විරෝධය පා ඉල්ලා අස් වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ තුන් වන වර ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල අංගයක් ලෙස මහජන මුදල් යොදා ගනිමින් සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් එවකට සිටි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අනූෂ පැල්පිට අධිකරණය හමුවේ වැරදිකරුවන් වී සිර දඬුවම් විඳීමට සිදු වූ අතර එවැනි පීඩනයක් වර්තමාන රාජ්‍ය නිලධාරීන්ට ද එල්ල වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...