රනිල්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 92යි.. බහුතරය විපක්ෂයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ  සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ (30)  පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළ කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කළා.

⁣මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද  ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී  ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණා.

වන ජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද  මෙම කණ්ඩායම්  රැස්වීමට සහභාගී වී සිටියා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...