ශ්‍රී ලංකා පිළට තුනෙන් එකක්වත් බේරාගන්න බැරි වෙයි

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (30) රාත්‍රී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය සුපිරි පන්දු වාරයේදී හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09 ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීමට ගැනීමට කටයුතු කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ද සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත්තේ ලකුණු 137කි.

කුසල් පෙරේරා 46, කුසල් මෙන්ඩිස් 43යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පැවති සුපිරි පන්දු වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 02ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 04ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.

එම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය කණ්ඩායම තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග තුනම ජය ගෙන තරගාවලියේ ජය හිමි කර ගැනීම විශේෂත්වයකි.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...