ෂාරුක් ඛාන් හදිසියේ සැත්කමක් සඳහා ඇමරිකාවට.. මුම්බායි රෝහලක් සැත්කම වරද්දලා

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් අක්ෂි ආබාධයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඔහු අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ලබා ගැනීමට සැලසුම් කළ ප්‍රතිකාරයක් සිදු නොවීම හේතුවෙන් හදිසියේ රටින් පිටව යාමට සූදානම් වන බවයි.

ෂාරුක්, අක්ෂි ප්‍රතිකාර සඳහා ජූලි 29 සඳුදා මුම්බායි හි රෝහලට ගිය නමුත් ඔහුගේ ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ බව වාර්තා පවසනවා.

කෙසේ වෙතත් ඔහුගේ අක්ෂි ආබාධයේ ස්වභාවය පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ.

Latest News

error: Content is protected !!