චමරියි හර්ෂිතායි දැම්ම නම් මීට වඩා ගහනවා.. කළකිරුණු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හූ තියමින් යකා නටයි

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (30) රාත්‍රී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය සුපිරි පන්දු වාරයේදී ඉන්දියාව හිමි කර ගැනීමත් සමඟ ප්‍රේක්ෂකාගාරය දැඩි ලෙස නොසන්සුන් වන අයුරු දක්නට ලැබුණා.

ප්‍රේක්ෂකයින් හූ කියමින් බොහෝ වේලාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අප්‍රසාදය පළ කළ අයුරු ද දැක ගත හැකි වුණා.

එමෙන්ම ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් පිට පිටම ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයට ක්‍රීඩා කිරීම පිළිබඳ සිය විරෝධය පළ කර සිටියා.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පැවසුවේ චමරී සහ හර්ෂිතා දැම්මා නම් මීට වඩා හොඳ තරඟයක් දෙනු ඇත යන්නයි.

කෙසේ වෙතත් නායක චරිත් අසලංක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිය නායකත්වය යටතේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!