ලංකාවේ අංක එකේ ප්‍රකෝටිපතියා ධම්මික නෙවෙයි බැසිල්‍ රාජපක්ෂ.. ධම්මිකටත් ඕන නම් කීයක් හරි දේවි බැසිල්

ඇමරිකාවේ ඔහු සතු දේපළවල වටිනාකම නිවැරදිව තහවුරු කළොත් ලංකාවේ අංක එකේ ප්‍රකෝටිපතියා විය යුත්තේ බැසිල් රාජපක්ෂ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම කිසියම් මුදල් ගණුදෙනුවක ප්‍රතිඵලයක් දැයි එක්තරා යූ ටියුබ් නාළිකාවක් නැගූ පැණයකට පිළිතුරු ලබා දෙමින්.

“ධම්මිකගෙන් මුදල් ගන්න තරම් අහේනියක බැසිල් ඇති කියලා මං හිතන්නෙ නෑ. අවශ්‍ය නම් ධම්මිකටත් කීයක් හරි දෙන්න පුළුවන් වෙයි බැසිල්ට”

බැසිල්ට කිසිවකුගේ මුදල් අවශ්‍ය නැති බවත් ඔහු ඔහුගේ හත්මුතු පරම්පරාවටම මුදල් සොයා ඇතැයි විමල් වීරවංශ මහතා සඳහන් කළා.

තමා රාජපක්ෂලාගෙන් වෙන් වූයේ කිසිසේත් නැවත රාජපක්ෂලාගේ ලෝකයක් හදන්න නොවන බව ද විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියා.

“මහින්ද එක්ක අපට ප්‍රශ්ණයක් නෑ. නාමල් එක්ක ප්‍රශ්ණයක් නැත්තෙමත් නෑ. මොකද නාමල්ලත් මේ වෙච්ච දේවලට වගකියන්න ඕන. නාමල්ලට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. බැසිල් එක්ක තමයි ප්‍රධාන ප්‍රශ්ණෙ තියෙන්නේ.

උදයංග වීරතුංග කියන්නේ රුසියාවේ විශ්වවිද්‍යාලයක බොරු කීම පිළිබඳ උපාධිය ගත් අයෙක්. ඔහු තරම් පණ පිහිටුවා බොරු කියන කෙනෙක් මගේ ජීවිතේටවත් දැකල නෑ.”

ඔහු ඒ බව ප්‍රකාශ කළේ විමල් උදය අන්තිමේ රාජපක්ෂගේ වේදිකාවට ගොඩ වෙන බවට උදයංග වීරතුංග කරන ප්‍රකාශය අසත්‍ය එකක් බව පවසමිනි.

Latest News

More like this

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...

තුන්වන ලෝකයේ රටවලට අමෙරිකාව තහනම්…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “තුන්වන ලෝකයේ රටවල්” වලින්...

ගම්පහට මහා ගංවතුර අනතුරු ඇඟවීමක්

ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල්...

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...