අපිට එපා කිව්ව හොරු එකතු කරන්, සජිත් අට වෙනිදාට සන්ධානයක් හදනවා..

අගෝස්තු 8 වැනිදා සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වන බව කියන බොහෝ මන්ත්‍රීවරුන් ජාතික ජන බලවේගයට (NPP) එක්වීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ නරක දේශපාලන ඉතිහාසය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බව නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර, බුල්නෑව ප්‍රදේශයේ පැවති ගොවි ජන රැළියට එක්වෙමින් ඔහු කියා සිටියේ රට විනාශ කිරීමට වගකිව යුතු මන්ත්‍රීවරුන්ගේ සහය කිසිවිටෙකත් ජාතික ජන බලවේගයට ලබානොගන්නා බවයි.

“අගෝස්තු 8 වෙනිදා සජබය සමඟ සන්ධාන ගත වෙනවා කියන මන්ත්‍රීවරු බහුතරයක් අපිත් එක්ක එක්ක සන්ධානගත වෙන්න සාකච්ඡා කළා. අපි ඒ අය එක්ක සන්ධානගත වීම ප්‍රතික්ෂේප කළා. රට විනාශ කරන කිසිම කෙනෙක් අපි ගන්නේ නැහැ. ඔවුන් වැරදි තීරණවලට සහයෝගය දීලා තියෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...