ඉරාන නව ජනාධිපතිගේ දිවුරුම් දීමේ උළෙලට ගිය හමාස් නායකයා ඝාතනය වේ

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය වූ බව එම සංවිධානය (ජූලි 31) නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබෙනවා.

හමාස් නායකයා “ටෙහෙරානයේ ඔහුගේ නිවසේ දී ද්‍රෝහී සියොන්වාදී වැටලීමකින්” මරා දැමූ බව එහි දැක්වෙනවා.

හමාස් නායකයා අඟහරුවාදා (ජූලි 30) ඉරානයේ නව ජනාධිපති Masoud Pezeshkian ගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා.

ඔහු ඉරානයේ උත්තරීතර නායක සෙයිද් අලි හොසේනි කමේනි ද හමු වූ බව සඳහන්.

මේ අතර ලෙබනන් හමාස් සංවිධානයේ හමුදා නායක ෆුවාඩ් ෂුකර් ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊශ්‍රාලය හමුදාව විසින් ලෙබනනයේ බීරූට් නගරය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි වාර්තා වන්නේ.

Hamas leader Ismail Haniyeh killed in Israeli airstrike in Tehran
Iranian President Masoud Pezeshkian meets with Palestinian group Hamas’ top leader, Ismail Haniyeh, in Tehran, Iran, July 30, 2024. Iran’s Presidency

Latest News

error: Content is protected !!