ප්‍රංශ ජනපති සහ ක්‍රීඩා ඇමතිනිය අතර අමුතු හාදුවකින් ප්‍රංශය කැළඹේ

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල මධ්‍යයේ ක්‍රීඩා ඇමතිනිය වන අමේලී උඩෙයා කැස්ටෙරා (Amelie Oudea-Castera) විසින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) සිප වැළඳ ගැනීමේ සිදුවීමක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

මැක්‍රොන් සහ කැස්ටෙරා අතර ඇති වූ අතර සංවේදී හාදු හුවමාරුවේ ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර ගිය අතර බොහෝ දෙනෙකු පැවසුවේ එය පෙම්වතුන් අතර හුවමාරු වන ආකාරයේ සිප වැළඳ ගැනීමකට සමාන බවයි.

ආන්දෝලනාත්මක ඡායාරූපයේ, 46 හැවිරිදි ජනාධිපතිවරයා, හිටපු වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක හා සහ ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ ඇමතිවරියගේ අත තදින් අල්ලාගෙන සිටින ආකාරය පෙන්නුම් කරනවා.

අනෙක් අතට ,කැස්ටෙරා එක් අතකින් මැක්‍රොන්ගේ ගෙල තදින් අල්ලාගෙන ආදරයෙන් සිප ගන්නා බවයි දකින්න ලැබෙන්නේ.

ඡායාරූපයේ භයානක සාධකය වූයේ අගමැති ගේබ්‍රියෙල් ඇටල් ඔවුන් අසල සිටගෙන වෙනත් දිශාවක් බැලීම බවයි විවේචකයින් පවසන්නේ.

“මට මෙම ඡායාරූපය අශෝභන ලෙස පෙනේ, එය ජනාධිපතිවරයෙකුට සහ ඇමතිවරයෙකුට සුදුසු නොවේ”

ප්‍රංශ සඟරාවක් වන Madame Figaro මෙම අමුතු ඡායාරූපය වෙත ජනතාවගේ අවධානය යොමු කළ අතර එය “අමුතු හාදුවක්” බව හඳුන්වා තිබුණා.

French President Emmanuel Macron’s intimate kiss with sports minister raises eyebrows

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...