ජනපතිට සහාය පළ කරන රැස්වීමක් පැවති හෝටලයකින් තලතා මතුවෙලා

සමගි ජන බලවේගය නියෝජනය කරන තලතා අතුකෝරළ මහත්මිය ජනපතිට සහාය පළ කිරීමේ සාකච්ඡාවක් සඳහා මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූ හෝටලයකින් මතු වීම මාධ්‍ය විසින් ප්‍රශ්ණ කළ අවස්ථාවේ ඇය මාධ්‍ය වෙත චෝදනා කරන වීඩියෝ පටයක් මේ වන විට සංසරණය වෙමින් පවතී.

එහි දී ඇය මාධ්‍ය වෙත පවසන්නේ තමා ජනාධිපතිවරයාට සහාය පළ කරන සාකච්ඡාවට සම්බන්ධ නොවූ බවත් එම හෝටලයේ පැවති වෙනත් කටයුත්තක් සඳහා සහභාගී වු බවයි.

ඇය එහි දී මාධ්‍ය විසින් සියලු තොරතුරු විකෘති කරමින් රටේ ප්‍රශ්ණ අවුළුවන බව පවසමින් මාධ්‍ය වෙත නිකරුණේ චෝදනා කරන ආකාරය දැකගත හැකියි.

ඇගෙන් මාධ්‍ය විමසන ප්‍රශ්ණවලට ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් ආකාරයේ පිළිතුරු ලබා දෙමින් ඇය එහි දී හැසිරෙන්නේ ඉතාම නොසන්සුන් ආකාරයෙනි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ රනිල් ද සජිත් කියා මාධ්‍ය විමසූ විට එයට ද නිශ්චිත පිළිතුරක් නොදෙමින් එය මේ රටේ ජනතාව බලාගනු ඇති බවයි ඇය පවසන්නේ.

Video Link : https://bit.ly/4cvyZgn

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...