ලාෆ්ස් ගෑස් කොටස් විකිණීමෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ රුපියල් මිලියන 231ක පාඩුව ආපසු ගෙවයි

ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට 2011 වසරේදී Laughf Gas Plc හි කොටස් මිලදී ගැනීමෙන් අහිමි වූ බවට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 231 ක මුදලක් ආපසු ගෙවා ඇති බව සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව පවසනවා.

2011 ඔක්තෝබර් 10 වැනි දින Laughf Gas Plc හි EPF විසින් මිලියන 33 ක කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඩබ්.කේ.එච් වෑගපිටිය, තිලක් එන් ද සිල්වා සහ ටී.අයි හුලංගමුව යන අයට එරෙහිව විනිමය කොමිසම විසින් නඩු පවරා තිබුණා.

සේවක අර්ථසාධක අරමුදලට (EPF) සිදු වූ අලාභය සලකා බැලීමෙන් පසු, එම වැරදි සිදු වූ දින සිට කාලය, සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ පාඩුව පියවීමට චුදිතයන් එකඟ වු බවයි විනිමය කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

ජුලි 19 දින අධිකරණයේදී එකඟ වූ පරිදි ඔවුන් තිදෙනා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වන්දි අරමුදලට රුපියල් මිලියන 6.6 ක් සහ සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 231 ක් ගෙවා ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

සමගි ජන බලවේගයේ “ආර්ථිකයේ නිවැරදි දිශාව නමින් අද (31)කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී හර්ෂ ද සිල්වා මහතා වසර 13 කට පසුව හෝ තමා පාර්ලිමේන්තුවේ දී හඬ නැගූ මෙම කාරණාව සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ඨ වී තිබීම පිළිබඳ සතුටු වන බව සඳහන් කර සිටියා.

කොළඹ කොටස් වෙළඳ පොළේ මාෆියාව මේ රටේ මිනිසුන් ගසා කෑව ආකාරය අද වන විට ඔප්පු වී ඇති බවත් ගණුදෙනුකරුවන්ට මිලියන හයක දඩයක් ගැසීම ප්‍රමාණවත් නැති බව ද ඔහු පැවසුවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...
error: Content is protected !!