එක ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩු දහයක් හදන බවට රනිල්ගෙන් ප්‍රකාශයක්

රට තුළ පවතින ප්‍රශ්ණ විසඳීමට එක් ආණ්ඩුවක් ප්‍රමාණවත් නොවන බවත් ආණ්ඩු දහයක් නිර්මාණය කිරීම සිය අරමුණ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

“පළාත් ආණ්ඩු නවයයි. මධ්‍යම ආණ්ඩුවයි. ඔක්කොටම වැඩ තියෙනවා. අපි ඉදිරියට යං”

අද (31) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

පොහොට්ටුවේ සහාය නොලැබෙන්න තමාට මේ රට මේ තත්‍ත්වයට ගෙන ඒමට නොහැකි බවත් එම තීරණය ගත් මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කළා.

“අපි ඔක්කොම මුණ ගැහුණේ 2022 ජුලි මාසේ. අපි ඔක්කොම නිවාස නැති නිවාස හිමියන්ගේ සංගමයට අයිති වුණා. එදා රටට අනාගතයක් නෑ කියලා මිනිස්සු කිව්වා. රටට ඉදිරියට යන්න බැරි වෙයි කියල හිතුවා. ඇයි මේ ආණ්ඩුව ගත්තෙ කියලත් සමහරු ඇහුවා. මං කිව්ව මට විශ්වාසයක් තියෙනව රට ගොඩගන්න පුළුවන් කියලා. පොහොට්ටුවේ අය එක්ක පුළුවන් ද කියලා සමහරු ඇහුවා. මං කිව්ව තියෙන අය එක්ක වැඩ කරනව මිස මට දිව්‍ය ලෝකෙ මවන්න බෑනේ. අපි ගමන යමු කියලා. ඒ අය කියනවා අද ඔයාට හොඳ කණ්ඩායමක් ඉන්නවනේ කියලා”

අද උදෑසන ටෙහෙරානයේ දී හමාස් නායකයා මරා දැමූ බවත් එම ක්‍රියාව හෙළා දකින බවත් ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියා.

Latest News

More like this

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...

කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට...

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...