අතේ කොටසක් රනිල්ට, කොටසක් සජිත්ට..

ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පාර්ශවය ඊයේ (31) රැස් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, පක්ෂ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව වෙන වෙනම රැස් වී තිබුණා.

එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ පක්ෂයේ ප්‍රතිපත්‍ති හා මතවාද ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

“රටක් බලාගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව මොකක්ද කියලා. ඒ අනුව අපි තීන්දුවක් ගත්‍තා විධායක සභාවේ දී. අපි මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳ වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ අපි අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා. ඒ අනුව එතුමාගේ එම වැඩපිළිවෙළ පිළිබඳ තිබෙන එකඟතාවය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කරන්න අපි තීන්දු කරල තියෙනවා. ඒ අනුව අපි අපේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය අනාගත ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනවා”

මේ වන විට තම සහාය ලිඛිතව ඉල්ලා ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ඔහු වෙත පමණක් බව මෙහිදී සඳහන් වුණා.

මේ අතර පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඔවුන්ගේ සහාය ලබා දෙන අපේක්ෂකයා ලබන සෙනසුරාදා පමණ වන විට තීරණය කිරීමට නියමිත බවයි.

දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය මේ වන විට සහාය ලබා දීමට තීරණය කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.

Latest News

More like this

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...