ටිරාන්ට මරණ තර්ජන ඉහළ යයි.. ආරක්ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දැනුම් දෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමත්‍යවරයාට පාතාල තර්ජනය එල්ලවීමට හේතුවී ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව ඉකුත් දා අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!