එක්කො සජිත්-NPP.. නැත්නම් රනිල්-NPP.. අපි 50% ලබාගැනීම අනිවාර්යයි

ජනාධිපතිවරණයක දී කොපමණ අපේක්ෂකයින් ප්‍රමාණයක් ඉදිරිපත් වුව ද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වටා ඡන්ද දායකයින් කේන්ද්‍ර වන බැවින් මෙවර ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයට සියයට පනහ ඉක්මවා ඡන්ද ලබා ගැනීමට හැකියාව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරණයක දී ඉදිරිපත් වන කුඩා කුඩා කණ්ඩායම් නිතරගයෙන් ඉවත් වී යන බවත් 2019 දී සිය පක්ෂයට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව ඒ මහතා සඳහන් කළා.

නමුත් මෙවර ජනාදිපතිවරණයේ දී සිය පක්ෂය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර තරග වදින බව අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

“එක්කො සජිත්-NPP.. නැත්නම් රනිල්-NPP… බවට මෙවර ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පත් වෙනවා.”

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී සංවාදයක් අතරතුරයි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!