අගමැති දිනේෂ් පොහොට්ටුවට ද රනිල්ට ද? තීරණය වැට උඩ

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දෙන අපේක්ෂයකයා පිළිබඳ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ තීරණය අද (01) මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභා හමුවේ දී ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළ ද අගමැති දිනේෂ් ගුණවරධන මහතාගේ සහාය ලබා දෙන්නේ කාට දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන අතර දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ ද එම සන්ධානයෙනි.

කෙසේ වෙතත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 30 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ද සහභාගී වී සිටියා.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන පන්ති මිතුරෙකි.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...