නැටුම් පන්තියේ පිහි ඇණුමෙන් දැරියන් තිදෙනෙකු ඝාතනය වීමට එරෙහිව ප්‍රචණ්ඩකාරී ගැටුම්

එංගලන්තයේ සවුත්පෝට් නගරයේ නැටුම් පන්තියකදී සිදුවූ ඛේදනීය පිහි ඇනුමකින් දැරියන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර එයට විරෝධය පා ප්‍රචණ්ඩකාරී ගැටුම් හටගත් බව මාධ්‍ය වාර්තා පවසනවා.

AFP වාර්තාකරුවෙකුට අනුව, විරෝධතාකරුවන් 100 කට වැඩි සංඛ්‍යාවක් පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගෙන තිබුණා.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල පොලිස් වෑන් රථයකට ගිනි තබන ආකාරය සහ විරෝධතාකරුවන් පොලිසියට ප්‍රහාර එල්ල කරන ආකාරය මෙන්ම ප්‍රාදේශීය මුස්ලිම් පල්ලියකට පහර දී ඇති ආකාරය දැකගත හැකි වුණා.

සඳුදා ප්‍රහාරය ත්‍රස්තවාදී සම්බන්ධයක් ලෙස නොසලකන බව පොලිසිය පවසා ඇති නමුත් ප්‍රහාරකයා බවට සැක කෙරෙන පුද්ගලයාගේ කිසිදු තොරතුරක් පොලිසිය ප්‍රකාශ කර නොමැති බවයි සඳහන් වන්නේ.

ඔහු වයස අවුරුදු 17ක තරුණයෙක් බවත් ඔහු මුලින් වේල්සයේ පදිංචිකරුවෙකු බව පමණක් මේ වන විට අනාවරණය කර තිබෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!