කොලිවුඩ් නිෂ්පාදකයින්ගෙන් ධනුෂ්ට චිත්‍රපට තහනමක්

අත්තිකාරම් ලබා ගත් නමුත් දින ලබා නොදීම හේතුවෙන් නළු ධනුෂ්ට තාවකාලික තහනමක් පැනවීමට දෙමළ චිත්‍රපට නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා.

දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) මෙම තහනම පනවමින් පවසා ඇත්‍තේ ධනුෂ්, කල්තියා භාරගත් නමුත් පසුව දින ලබා නොදීම නිසා දෙමළ චිත්‍රපට කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

TFPC පවසන්නේ අගෝස්තු 16 න් පසු නව චිත්‍රපට සඳහා අත්සන් තැබීම තාවකාලිකව නැවැත්වීම ඇතුළු නිෂ්පාදකයින්ගේ කවුන්සිලයේ ගත් තීරණ ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් නළු නිළියන්ගේ සංගමයේ නියෝජිතයින්, දකුණු ඉන්දීය කලාකරුවන්ගේ සංගමය (SIAA) එම තීරණය පිළිබඳව තමන් දැනගත්තේ එය මාධ්‍යවල වාර්තා වූ විට බව පවසා තිබෙනවා.

ධනුෂ්ගේ නම ඉවත් කිරීම නිෂ්පාදක මණ්ඩලයේ පැත්තෙන් සාධාරණ නොවන බවත් එය හෙළා දකින බවත් පවසමින් එම සංගමය ඇතුළු නළු නිළියන් රැසක් නිෂ්පාදකයින්ගේ සංගමයේ තීරණයට විරෝධය පා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...