රොබින්සන් අන්දරයේ පුංචි කෙල්ල ක්‍රිස්ටිනාට මංගල සීනු

ක්‍රිස්ටිනා, ජොආනා, අර්නස්ට්, එළිසබෙත්, ඩේවිඩ්, බිලී මේ චරිත එක්ක රොබින්සන් අන්දරය කියන්නේ අපේ ළමා කාලෙට වගේම ජීවිතවලට බද්ධ වුණු කතන්දර මාලාවක්.

වයස අවුරුදු නවයක් තරම් පුංචි සන්ධියේ ක්‍රිස්ටිනාගේ චරිතය කළ මියාට මේ වෙනකොට වයස අවුරුදු 37ක්.

ක්‍රිස්ටිනා කිව්වම තවමත් හෙන්රි ආතා පස්සෙ දුවපු පුංචි කෙලි පැටික්කියකගේ මූණක් මතකෙට ආවට කාලේ වේගෙන් ඉගිලිලා ගිහින්.

එදා ක්‍රිස්ටිනාට පණ පොවපු Mia Lux Koning ඊයේ විවාහ වුණා.

ඇගේ අත හිමිකරගත් වාසනාවන්තයා වුණේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ Rick William.

සාම්ප්‍රදායික අයිරිෂ් සිරිතට හැඩවුණු ඇගේ මංගල උත්සවයේ ඡායාරූප ඇයගේ සහ රික්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවල පළ කරල තිබුණේ මේ ආකාරයට.

අපේ ළමා කාලය ලස්සන කරපු Mia Koning හෙවත් ක්‍රිස්ටිනා රොබින්සන්ට, වාසනාවන්ත මංගල ගමනකට අපි හදවතින්ම සුබ පතනවා!

Latest News

More like this

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...