Popular Awards-2024 ජනප්‍රියම සම්මානය හේමාල් ප්‍රතික්ෂේප කරයි

Popular Awards” නමින් හැඳින්වෙන කණ්ඩායමක් / ආයතනයක් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අනුමැතියකින් තොරව සම්මානයක් සදහා සිය නාමය නිර්දේශ කර ඒ සම්බන්ධ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවට ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ චෝදනා කර තිබෙනවා.

ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

අදාළ ආයතනය පසුගිය වසරේ ද මෙම ක්‍රියාවම සිදු කළ බවත් සිය නාමය සම්මාන උළෙලින් ඉවත් කරන ලෙස ඉල්ලූ විට අඩු මනාප ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර ඉබේම ඉවත් වී යන ආකාරයක් පෙන්නුම් කිරීමට උත්සහ කළ බවයි හේමාල් පවසන්නේ.

එබැවින් තමා වෙනුවෙන් කිසිදු ආකාරයකින් SMS එකක් හෝ ලබා දී මුදල් හා ශ්‍රමය නාස්ති නොකරන ලෙස ඔහු ආදරණීය රසික ප්‍රජාවගෙන් ඉල්ලා තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක සටහන සම්පූර්ණයෙන්:

Popular Awards” නමින් හැඳින්වෙන කණ්ඩායමක් / ආයතනයක් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අනුමැතියකින් තොරව සම්මානයක් සදහා මාගේ නම නිර්දේශ කර ඒ සම්බන්ධ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බව මාගේ රසිකයන්ගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණි.

මෙය මෙසේ සිදු වූ පළමු අවස්ථාවම නොවේ. පසුගිය අවුරුද්දේ ද මෙය මෙසේම සිදුවිය. මගේ නම සම්මාන අංශයෙන් ඉවත්කිරීමට කාරුණිකව ඉල්ලූ විට ඊළඟ සතියේ අඩු මනාප ලැබූ ලැයිස්තුවත් සමග මා ඉබේම ඉවත් වූ ආකාරයක් පෙන්වීමට ඔවුන් සූක්ෂමව කටයුතු කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නැත.

මෙය මූලික සදාචාරාත්මක ප්‍රමිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

ඉහත කාරනා සැලකීමේදී, මා වෙනුවෙන් මේ සම්බන්ධ කිසිදු SMS ඡන්දයක් හෝ ප්‍රචාරණයක් සඳහා ඔබේ මුදල් හෝ ශ්‍රමය වැය නොකරන ලෙස මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් තරයේ ඉල්ලා සිටිමි.

ගිය වතාවේ මේ බව කිසිඳු සඳහනක් නොකර, මෙවර මෙසේ ලිවීමට තවත් හේතුවක් වූයේ, මිනිසුන් අතින් වැරදි සිදුවන බවත් ඒ වැරදි නිවැරදි කිරීමට කාලය ගතවන බව අප සියල්ලම දන්නා බැවිනි. නමුත් එකම පුද්ගලයෙක් හෝ ආයතනයක්, එකම වරද නැවත නැවතත්, එකම විදියට කරන්නේනම්, එය වැරද්දක් නොව හිතාමතා කරන බව හැඟවෙන නිසාවෙනි.

කා සමඟවත් පෞද්ගලික අමනාපයක් නොමැත..”

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!