මේ සම්මානය සඳහ මම සුදුසු නොවෙමි.. ආදිත්‍යා වැලිවත්තත් Popular Awards එපා කියයි

The Nation’s Popular Awards විසින් සංවිධානය කරන Calin Popular Awards 2024 ජනප්‍රියම ගායිකාවට නිර්දේශිත නාම අතර ඇතුළත් වී සිටින තමා එම සම්මානය සඳහා සුදුසු නැති බව පවසමින් ආදිත්‍යා වැලිවත්ත එම සම්මානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එබැවින් නිර්දේශිත නාම අතර පවතින තමාට හැර සෙසු අයට මනාප ලබා දෙන ලෙස ඇය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය සටහනක් තබමින්.

ජනප්‍රිය නළුවා සම්මානයට නිර්දේශිත නාම අතරට සිය නම කිසිදු දැනුම් දීමකින් තොරව ඇතුළත් කර ඇති බව පවසමින් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ද එම සම්මාන උළෙලින් සිය නම ඉවත් කරගන්නැයි සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබුණා.

ආදිත්‍යා සිය ෆේස්බුක් හි පළ කළ සටහන මෙසේය.

ප්‍රථමයෙන් ස්තුති වන්ත වෙනවා The Nation’s Popular Awards සංවිධායක මඩුල්ලට මාව තෝරාගැනීම පිළිබඳව. එනමුත් තවම මේ සඳහා මා සුදුසු යැයි මා නොසිතමි. එලෙසෙම මෙහි නම් සඳහන් මා හැර අනෙක් සියලූම දෙනාට ඔබගේ මනාප එකතු කරන හැටියට මා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරියේදී මගේම නිර්මාණ රැසක් ආදරණීය ප්‍රේක්ෂක ඔබට ලබා දෙන්නට ඉතා ආශාවෙන් පසුවන්නෙමි!

– ආදිත්‍යා වැලිවත්ත

Calin Popular Awards 2024

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...