රසිකයන්ගේ මුදල් වියදම් කර ලබා දෙන SMS මනාපයෙන් ජනප්‍රියම සම්මානය දිනා ගැනීමට අවශ්‍යතාවක් නැති බව පවසමින් රොෂාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් Flashback සංගීත කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමෙන් නිවේදනයක් සිදු කර තිබෙනවා.
Flashback සංගීත කණ්ඩායම ලබා ගෙන ඇති වටිනාම සම්මානය වන්නේ රසික ආදරය සහ ගෞරවය බව එහි දැක්වෙනවා.
එබැවින් SMS මඟින් පමණක් සම්මාන ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි එහි සඳහන් කර ඇත්තේ.
එම පණිවිඩයෙහි අදාළ සම්මාන උළෙල පිළිබඳ නිශ්චිතව සඳහන් කර නොමැති අතර Popular Awards – 2024 සම්මාන උළෙල මේ වන විට කලාකරුවන් කිහිප දෙනෙකු විසින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විවිධ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ජනප්‍රියම සම්මාන ලබා දෙන බව පවසන එම සම්මාන උළෙල SMS මනාප ලබා ගනිමින් එම සම්මාන ලබා දීම සිදු කරනවා.
Flashback තැබූ ෆේස්බුක් සටහන මෙසේය.
Flashback අප හට රසික ආදරය, ගෞරවය සහ ඔවුන්ගේ හදවතේ ඉහළම ස්ථායේ ඔවුන් අපිව ඔසවා තබා ඇති අතර අප ලද වටිනාම සම්මානයත් එයයි… එවැනි වටිනාකමක් අපහට ලැබී ඇති පසුබිමක රසිකයන්ගේ මුදල් වියදම් කර SMS මගින් සම්මාන ගැනිමට අපට අවශ්‍යතාවයක් නැත.. SMS මගින් පමණක් තෝරා සම්මාන දීම් Flashback අපි විසින් ප්‍රතික්ෂේප කරන අතර වසර 30 අධික කාලයක් පුරා අපව කණ්ඩායම් සංගීතයේ ඉහළින්ම ඔසවා තැබූ රසික ආදරය අප ලද වටිනාම සහ හොඳම සම්මානය බව ඉදිරියටත් අප විස්වාස කරන්නෙමු. Roshan Fernando 🙏
( කිසිවෙකුත් සමග අමනාපයක් නොමැත )