ජනාධිපති මාධ්‍ය ඒකකය ජනතා මුදල් යොදාගෙන නිවේදන නිකුත් කිරීම මැතිවරන නීති උල්ලංඝනය කිරීමක්

මේ වන විට 2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප තැන්පත් කර සිටින ජනපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන නිවේදන නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ඒකකය මැතිවරණ නීති උල්ලංඝනය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.

“මැතිවරණ නීති දැඩි ලෙස උල්ලංඝනය කරමින් සිටිනවා. රාජ්‍ය සම්පත් භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරය කිරීම අපි දකිනවා.

මැතිවරණයට ඇප තැම්පත් කල කෙනෙක්ට මෙහෙම කරන්න බෑ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදන නිකුත් කරනවා. මේවා රාජ්‍ය මුදල් ජනතා මුදල්. මේ සියලු සම්පත් ජනාධිපති ගේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් යොදා ගැනීම වැරදියි.

ජනාධිපති මාධ්‍ය අංශය කරන මේ වැඩේ මැතිවරණ නීති වලට පටහැනියි. මේක රාජ්‍ය සම්පත් අවභාවිතාවක්. ඒ නිසා මැතිවරණ කොමිසම මේ ගැන අවධානය යොමුකරන්න ඕන.

ජනාධිපති වරප්‍රසාද භුක්ති විදිමින් මෙලෙස මැතිවරණය කිරීම සුදුසු නැහැ.” ඔහු සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“මේ සති දෙක දේශපාලන පෙරලි සිදුවෙන සති දෙකක්. ඒ අතරේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට සහය පල කරා. මේ රට බංකොලොත් කල පිරිස ලෙස රාජපක්ෂවරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නම් කලා. 2005 සිට පසුගිය කාලය පුරාවට වැඩි වශයෙන් රට පාලනය කලේ මේ අය. දැන් මේ අය හරියට ඩ්‍රයි ක්ලීන් කරලා රනිල් වික්‍රමසිංහ මහතා ලග හිටගෙන ඉන්නවා වගේ පෙන්වන්න හදනවා. පොහොට්ටුවේ චන්ද තීරණය වෙන්නේ පුද්ගලයන් එහා මෙහා යාම තුල නෙවෙයි. දූෂණ චෝදනා තිබුනු අය රනිල් වික්‍රමසිංහ මහතා එක්ක එකතු වීමක් අපි දකිනවා.

රනිල් හිරේ යනකම් නින්ද යන්නේ නෑ කියපු අය රනිල් ගාවට ගිහින්. මේක හාස්‍ය ජනක කාරණයක්. මේ චෝදනා තියන අය ගැන ජනතාව ඉන්නේ විමසිල්ලෙන්

දූෂිත අය කොච්චර රනිල් එක්ක එකතු වෙලා ඔන්න දැන් අපි පිරිසිදුයි කියන්න උත්සාහ කලාට වැඩක් නෑ. කොහොමත් කුණු එකතු වෙන්නේ කුණු ගොඩටම තමයි.

මේ වෙනකොට NPP එකේ ස්ථාවරය කුමක්ද කියලා අපි අහනවා. අද වෙනකොට NPP එක අයාලේ යමින් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති පිලිබදව පැහැදිලි ප්‍රකාශයක් නෑ. NPP එක කරන්නේ බොරුව.

සමගි ජන බලවේගයේ කවුරුත් ජනාධිපතිතුමාට සහය දෙන්න යන්නේ නෑ. නමුත් අපි එක්ක ඉන්න විවිධ කණ්ඩායම් වලට ජනාධිපති ගේ අනුගාමිකයන් විවිධ යෝජනා හා වරප්‍රසාද දෙන්න කතා කරනවාලු.

අද වෙනකොට ජනාධිපති විසින් පොහොට්ටුව කැඩුවා. මේ ජනාධිපති ඉන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. මෙයා පැලැස්තර අලවමින් ඉන්න නායකයෙක්.

සමගි ජනබලවේගයේ අපි කවුරුත් පොහොට්ටුවේ අය එක්ක කිසිම දේශපාලන සාකච්ඡාවක් කරලා නෑ. ඒ අය මේ රට බංකොලොත් කලේ නෑ. පොහොට්ටුවේ අය ගනුදෙනු කලේ රනිල් ජනාධිපති එක්කයි. නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ එක්ක අපිට කිසිම සාකච්ඡාවක් නෑ.

ලබන 8 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී අපි සමගි ජන සන්ධානය නිර්මාණය කරනවා.
දුෂණ අපරාධ චෝදනා තියෙන අය අපි එකතු කරගන්නේ නෑ.”

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!