මාතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජිතයන් ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ (අගෝස්තු 1) දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වන යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම සිදු වුණා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවැත්වුණා.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවයි.

අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන තිබෙනවා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...