ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අපවත් වෙති

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් නොහොත් පොඩි හාමුදුරුවෝ අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.

දශක ගණනාවක් ශාසනික උන්නතියට සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දායක වූ උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසු වුණා.

1943 දෙසැම්බර් 13 වැනි දින උපත ලද පොඩි හාමුදුරුවෝ, දයාව, සමානාත්මතාවය සහ මනුෂ්‍යත්වයට සේවය කිරීම සඳහා වූ ගැඹුරු කැපවීමකින් මෙහෙයවන ලද බෞද්ධ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව හා ප්‍රචාරය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ හිමි නමකි.

Latest News

error: Content is protected !!