ලංකා වාණිජ මණ්ඩල සභාපති හා අනුර අතර හමුවක්

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබා දීම ද මෙහි දී සිදු වුණා.

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන සහෝදරවරුද එක්ව සිටියා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...