සජිත් නාමල් හම්බවුණේ ඇයි කියලා රටට කියන්න ඕන.. තලතා පන්නයේ ඩ්‍රාමා කිහිපයක්ම ඉදිරියේ දී බලාගන්න පුළුවන්

නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහතා කොළඹ තැන් කිහිපයක දී නිතර නිතර මුණ ගැසී ඇති බවට වාර්තා පළ වෙමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙම වාර්තාවල ඇත්ත නැත්ත පිළිබඳව වහාම රටට කරුණු හෙළි කළ යුතු බවත් ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආශු මාර­සිංහ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව පැව­සුවේ සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමු­වට එක් වෙමිනි.

“අපි දකි­නවා පුතා­ණෝලා දෙන්නෙක් සාකච්ඡා ආරම්භ කර තිබෙ­නවා කියලා.පුව­ත්පත් කාටු­න­ය­කින් සජිත් ප්‍රේම­දාස සහ නාමල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන් කතා කර­නවා ඇඳ­ලත් තිබ්බා.මම මේ නිසාම පාර්ලි­මේ­න්තුවේ හැන්සාඩ් වාර්තා අර­ගෙන පුංචි සමී­ක්ෂ­ණ­යක් කර බැලුවා සජිත් ප්‍රේම­දාස මහතා දැන් යම්කිසි කාල­යක සිට රාජ­පක්ෂ හොර කල්ලිය කියන වච­නය පාවිච්චි කරන්නේ නැහැ.

මේ නාය­කයෝ දෙන්නා කොළඹ ප්‍රදේ­ශයේ තැන් කීප­ය­කදී නිතර හමු­වෙලා තිබෙ­න­වයි කියා අපේ මන්ත්‍රී­වරු කීප­දෙ­නෙ­කුත් අපට කනින් කොනින් ආරංචි කිව්වා. ඒ වගේම නාමල් රාජ­පක්ෂ වෙනම පොහො­ට්ටුව අපේ­ක්ෂ­ක­යෙක් දාන්න සූදා­නම් වෙනවා කියන දා ඉඳන්ම නැවත රනිල් රාජ­පක්ෂ කියන නාමය නැවත පාවිච්චි කරන්න හැකි­යා­වක් නැහැයි කියන කාර­ණය ඉතා පැහැ­දි­ලිව පේනවා. අපි දැක්කා ඒ කාලේ තිබුණා රනිල් වැල් පාල­මෙන් එතෙර කරන්න හදන්නේ නාමල් රාජ­පක්ෂ ද කියලා කිය­නවා. දැන් ඒ කාර­ණය ප්‍රති­ක්ෂේප වී තිබෙ­නවා.”යැයි ආශු මාරසිංහ කියා සිටියා.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ විසින් වෙනම අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් කිරී­මට සූදා­න­ම්යැයි පැවසූ දා සිට රනිල් රාජ­පක්ෂ යන නාමය නැවත භාවිත කිරී­මට හැකි­යා­වක් නැති බව ද ඔහු පැවසුවා.

ඉදිරි දිනවලදී සංවේදී පුවත් ලැබෙනු ඇති අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

ඉදිරි දිනවලදී විශේෂ ප්‍රවෘත්ති කිහිපයක් බලාපොරොත්තු වන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

බදාදා සජබ මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය වෝටර්ස් එජ් එකෙන් එළියට එන විට මාධ්‍යවේදීන්ගේ අතටම අහු වුණු ආකාරයේ නාට්‍ය ද ඉදිරියේ දී බලාගත හැකි වනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...