මට ඇයව වැළඳගන්න ඕනේ.. ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ චෝදනා කරමින් ඔලිම්පික් බොක්සිං තරගය අතරතුර ඉමානේට අපහාස කළ ඉතාලි ක්‍රීඩිකා කරීනි සමාව අයදී

ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ්ට එරෙහිව තත්පර 46ක් ඇතුළත ඔලිම්පික් තරගය අත්හැර දැමූ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි, සටනින් පසු තමා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තම ප්‍රතිවාදිනියගෙන් “සමාව ඉල්ලීමට අවශ්‍ය” බව පවසා තිබෙනවා.

ටෙස්ටෙස්‍ටෙරෝන් සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ කාන්තා ලෝක ශූරතාවලියට නුසුදුස්සන් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා අතරින් කලීෆ් එක් අයෙකි.

කෙසේ වෙතත්, පැරිසියේ කාන්තා බොක්සිං සඳහා තරඟ කිරීමට ඇයට අවසර ලබා දී තිබුණා.

25 හැවිරිදි ඇය ක්‍රීඩා උළෙලට සහභාගී වීම මතභේදාත්මක වී ඇති අතර ඇයට තරඟ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) කටයුතු කර තිබෙනවා.

“සියලු මතභේදයන් ඉතා කණගාටුදායකයි,” කරීනි ඉතාලි පුවත්පතක් වන Gazzetta deello Sport වෙත පවසා ඇත්තේ මෙම සිදුවීමෙන් දැඩි කම්පාවට පත් වෙමිනි.

“මගේ ප්‍රතිවාදිනිය ගැනත් මට කණගාටුයි. ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇයට සටන් කළ හැකි බව කියන්නේ නම්, මම එම තීරණයට ගරු කරනවා” යැයි ඇය පවසා තිබෙනවා.

25 හැවිරිදි කැරනි පැවසුවේ සටන අත්හැරීම පරිණත පියවරක් වූ නමුත් පසුව කලීෆ් සමඟ අතට අත නොදීම ගැන ඇය කනගාටු වන බවයි.

“එය මම කිරීමට අදහස් කළ දෙයක් නොවේ. ඇත්තටම මට එයාගෙන් සහ අනිත් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. මගේ ඔලිම්පික් ක්‍රීඩා සිහිනය බිඳ වැටුණු නිසා මට තරහ ගියා.”

නැවතත් කලීෆ් මුණගැසුණහොත් ඇයව වැළඳ ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා සටන අතරතුර තත්පර 30 ක් ඇතුළත කරීනිගේ මුහුණට කලීෆ්ගේ පහරක් එල්ල වීම සමඟ එම පහර දරා ගැනීමට ඇයට නොහැකි වුණා.

එම පහරත් සමඟ ඇය තරඟයෙන් ඉවත් වුණේ කලීෆ්ට ජයග්‍රහණය හිමි කර දෙමින්

පසුගිය වසරේ පරීක්ෂණ සිදු කළ රුසියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බොක්සිං සංගමය (IBA), පැවසුවේ කලීෆ් “IBA රෙගුලාසිවල දක්වා ඇති පරිදි කාන්තා තරඟයට සහභාගී වීම සඳහා කාන්තාවක් සඳහා වන සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වූ” බවයි.

කලීෆ් සෑම විටම කාන්තා අංශයෙන් තරඟ කර ඇති අතර ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඇය කාන්තා මලල ක්‍රීඩිකාවක් ලෙස පිළිගෙන තිබෙනවා.

“ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාව උපත ලැබුවේ ගැහැනියක් ලෙසයි. ලියාපදිංචි කර ඇත්තේ ගැහැණියක ලෙසයි. ඇයගේ ජීවිතය ගත කර ඇත්තේ ගැහැණියක ලෙසයි .බොක්සිං ක්‍රීඩාව සිදු කර ඇත්තේ ගැහැනියක ලෙසයි, ඇයට ඇත්තේ කාන්තා විදේශ ගමන් බලපත්‍රයක්” යනුවෙන් ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

Algerian Imane Khelif, left, during the Women’s 66kg preliminary round match against Italian Angela Carini on day six of the Olympic Games Paris 2024 at North Paris Arena on Aug. 1, 2024 in Paris

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!