පාවෙන ඡන්ද ලක්ෂ 40 ක්

මෙවර ජනාධිපතිවරණයට ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී තිබෙනවා.

රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රහසිගතව ගෙන් ගෙට ගොස් කළ සමීක්ෂණ කිහිපයක දී මේ තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!