පක්ෂයේ තීන්දුව මට වෙනස් කරන්න බෑ.. මහින්ද

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබෙනවා.

එසේම පක්ෂය ගත් තීරණය තමාට පෞද්ගලිකවම මැදිහත්වී වෙනස් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා දන්වා ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී පෙරේදා (1) ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.

දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද අයුරින් පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙරද ඉල්ලා සිටියා.

Latest News

More like this

‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය...

සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ...

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...