අනුරගේ ආරක්ෂාවට බල ඇණි සතරක්.. වෙනම බුද්ධි අංශයකුත් යොදවයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කිරීමට පක්ෂය අභ්‍යන්තරයේ මේ වන විට සියලු කටයුතු සිදු කරමින් පවතී.

ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකය සහ විශ්‍රාමික යුධ හමුදා සාමුහිකය එක් වී නායක අනුරගේ ආරක්ෂාව වෙනුවෙන් උපාය හා උපක්‍රම සැලසුම් කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ආරක්ෂක බල ඇණි හතරක් ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ආවේණික ආරක්ෂක වැඩපිළිවෙළක් ද නායක අනුරගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ වෙනුවෙන් ජනතා විමුක්‍ති පෙරමුණ වෙනම ආරක්ෂක බලගනයක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ සතු වෙනම බුද්ධි ඒකකයක් මඟින් ද ජාතික ජන බලවේගයේ නායකයාගේ ආරක්ෂාව තහවුරු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

අනුරගේ ආරක්ෂාව තර කරන ලෙසට විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සහ මේ වන විට රට් තුළ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යොදවා ඇති බව සඳහන් වෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...
error: Content is protected !!