ලොකු පැටී මාසයකට බෙලරූස් බන්ධනාගාරයකට… කංජිපානි, රොටුඹේ අමිලගෙන් දිගටම ප්‍රශ්ණ කරයි

පාතාල කල්ලි නායක ලොකු පැටී මාසයක කාලයක් බන්ධනාගාරගත කිරීමට බෙලරූස් අධිකරණය නියෝග කර තිබෙනවා.

බෙලරූස් රාජ්‍යයේ ගුවන් තොටුපළක දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ලොකු පැටී අධිකරණය ලබාදුන් එම නියෝගයෙන් පසු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ඔහු මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසා තිබෙනවා.

මෙම පාතාල නායකයා මාසයක කාලයක් බෙලරූස් බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් පසු මෙරටට ගෙන ඒම සඳහා කටයුතු කරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර බෙලරූස් රාජ්‍යයේම වෙනත් ස්ථානයක දී අත්අඩංගුවට ගත් බව කියන පාතාල නායක කංජිපානි ඉම්රාන්, රොටුඹේ අමිල නමැති පුද්ගලයන් සහ පාතාලය සම්බන්ධව තවත් දෙදෙනකුගෙන් එරට විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කරගෙන යන බව ද සඳහන්.

පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම අපරාධකරුවන්ද මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.

මෙම පාතාල නායකයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හමුවේ කර තිබූ පැමිණිලිවලට අනුව ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ බව ද ආරංචි මාර්ග කියා සිටියා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...