හමාස් නායකයාගේ කාමරයට බෝම්බ දැමීමට මොසාඩ් එක ගැහුව සුපිරි ප්ලෑන් එක

ඊශ්‍රායලයේ ප්‍රමුඛ බුද්ධි සේවාව වන මොසාඩ් විසින් හමාස් නායක ඉස්මයිල් හනියේ නවාතැන් ගෙන සිටි ගෙස්ට් හවුස් හි කාමර තුනක බෝම්බය තැබීමට ඉරාන ආරක්ෂක ඒජන්තයින් කුලියට ගත් බව ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කර තිබෙනවා.

මොසාඩ් විසින් ඒ සඳහා Ansar al-Mahdi ආරක්ෂක ඒකකයේ නියෝජිතයන් බඳවා ගත් බව මේ වන විට තහවුරු වී ඇතැයි එම වාර්තාව පවසනවා.

වැඩිදුර විමර්ශනයේදී, තවත් කාමර දෙකක ඔවුන් තැබූ අමතර පුපුරණ ද්‍රව්‍ය උපකරණ සොයා ගෙන ඇති බව සඳහන්.

වාර්තාවට අනුව හනියේ ඝාතනය කිරීමේ මුල්ම සැලසුම ක්‍රියාත්මක වූයේ ඊබ්‍රාහිම් රයිස්ගේ අවමංගල්‍ය උත්සවය අතරතුරදීය.

එම අවස්ථාවේ ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ වී ගියේ ගොඩනැගිල්ල තුළ විශාල ජනකායක් එක්රැස් වීම හේතුවෙන්.

මෙවර ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් උළෙලට සහභාගී වී සිටි හනියේ කොටු කර ගැනීමට ඔවුන් සමත් වුණා.

නියෝජිතයන් දෙදෙනෙක් පුපුරණ ද්‍රව්‍ය හනියේ නැවතී සිටි උතුරු ටෙහෙරානයේ ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බලකායට අයත් (IRGC) ගෙස්ට් හවුස් එක තුළට රැගෙන ගොස් ඇති බව පැවසෙනවා.

නිලධාරීන්ට අනුව, නියෝජිතයින් විනාඩි කිහිපයකින් කාමර කිහිපයකට ඇතුළු වී පිටව යන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබෙනවා.

නියෝජිතයින් පසුව ඉරානයෙන් පලා ගිය බව සඳහන්.

බෝම්බ තැබූ එක් කාමරයක හනියේ සිටින බව තහවුරු වූ අවස්ථාවේම ඔවුන් බෝම්බ පුපුරුවා හැරි බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීම IRGC තුළ විරසකයකට තුඩු දී ඇති අතර, විවිධ අංශ අසාර්ථකත්වය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිනවා.

ඉරාන නිලධාරීන් මෙන්ම හමාස් සංවිධානයද බදාදා (ජූලි 31) කියා සිටියේ ඝාතනයට ඊශ්‍රායලය වගකිව යුතු බවයි.

හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම නායකයා “ටෙහෙරානයේ දී ද්‍රෝහී සියොන්වාදී වැටලීමකින්” මිය ගිය බවයි.

මේ දක්වා, ඊශ්‍රායලය, ඝාතනය පිළිබඳ ඉරානය හෝ හමාස් සංවිධානයේ ප්‍රකාශ පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නැහැ.

කෙසේ වෙතත්, එක්සත් ජනපද මාධ්‍ය කියා සිටියේ ඊශ්‍රායලය එක්සත් ජනපදයට සහ අනෙකුත් බටහිර ආණ්ඩුවලට හනියේ ඝාතන මෙහෙයුමේ තොරතුරු දන්වා ඇති බවයි.

මේ අතර හනියාගේ මරණයේ පළිය ගන්නා බව ඉරානය සපථ කර තිබෙනවා. හමාස් සහ හිස්බුල්ලා සංවිධානය සමඟ ඊශ්‍රායලයට එරෙහිව සටනක් සඳහා වේදිකාව සකසමින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ධවල මන්දිරය ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා තම යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා කලාපයට ගෙන ගොස් ඇති අතර, බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව තහවුරු කර තිබෙනවා.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!