අතිශය ප්‍රථම වතාවට ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයින් තිදෙනෙක්.. දයාසිරිලා සජිත්ට

දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂයේ ආසන සංවිධායකයින් අද (03) කොළඹට රැස්කර සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමේ සහාය පළ කළේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතයි.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට තීරණය කර ඇති බවයි සඳහන් කළේ.

Latest News

More like this

‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය...

සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ...

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...