2010 දී රනිල් ෆොන්සේකාට කරපු දේ බූමරංගයක් වී රනිල්ටම කැරකේ.. මේ පාර බෲටස්ට අඳින්නේ මහින්ද

මේ වන විට පොහොට්ටුව පත්ව සිටින්නේ උභතෝකෝටික තත්‍ත්වයකටයි.

ඒ අනුව පක්ෂය පත් වී ඇත්තේ මඟ හිටියොත් තා නසී, ගෙදර ගියොත් අඹු නසී යන තත්ත්වයට බවයි පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වන කරුණු අනුව පෙනී යන්නේ.

නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානය මේ වන විට නොනිදන ස්ථානයක් බවට පත්ව ඇති අතර රැය පුරා කෝපි බොමින් නූල් බෝලය ලිහා ගැනීමට සාකච්ඡා කළ ද කොතරම් කල්පනා කළ ද එන්න එන්නම ගැට වැටී නූල් පන්දුව අවුල් ජාලයක් වී ඇති බව සඳහන්.

පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව පැවසීම තුළ පොහොට්ටුවේ රාජපක්ෂලාගේ හයියට සිටි පතාක කණු රැසක් ගැලවී ගියේ රාජපක්ෂලාවත් නොසිතූ පරිදිය.

එබැවින් පක්ෂ අභ්‍යන්තරයේ මේ වන විටත් තීරණාත්මක සාකච්ඡා බොහොමයක් පවත්වමින් පක්ෂය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

සහාය දී වැරදිලා හෝ රනිල් ජනාධිපති වුවහොත් සම්පූර්ණ පොහොට්ටුුුවම සුද්දකර යූඑන්පීය ගොඩනැගීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, රනිල් පැරදුනත් පොහොට්ටුව දෙකඩ වෙන බවත් තර්කයට භාජනය වී ඇත්තේ ඒ අනුවයි.

එම නිසා 2010 දී රනිල් ෆොන්සේකාට සහාය දෙන බව ප‍‍්‍රකාශ කර අන්තිම මොහොතේ ඡන්ද ව්‍යාපාරය මගහැරීම වැනි බෲටස් පන්නයේ ක්‍රියාවක් තුළින් පක්ෂ බේරා ගැනීමට හැකි බව පොහොට්ටුවේ ඉතිරි වී සිටින කණ්ඩායමේ මතය වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

එමනිසා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සන්දර්ශනයක් ද පවත්වා ගත් තීරණය පවා රිවර්ස් කිරීමට ඉඩකඩ පවතින බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව පක්ෂය ගත් තීරණය වෙනස් කළහොත් සහාය ලබා දිය හැකි බව පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දැනුම් දී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Latest News

More like this

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...

ආණ්ඩුව කාලගුණේ ලොක්කන්ගේ කට බැඳලා…

දිට්වා සුළි කුණාටුවෙන් පසු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට...