තිස්ස ජනනායක සර්ගේ රට හදන උණ සනීපයිලු.. ක්ලාස්වල කොල්ලොත් පුදුම ආතල් තමයි ගන්නේ

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය ඇද්ද අය අතර අපට සදාකාලික මතක චරිත කිහිපයක් සිටී.

ඒ අය ගෝඨාභය රාජපක්ෂටත් වඩා අපිට මතකය.

මොකෝ ඒ දීපු පොර ටෝක් නිසාය.

කට්ට ඇඟේ ඇණුන නංගීගේ සිට ඩයස්ලාගේ සිට සීතා අරඹෙපොළ ගේ සිට තිස්ස ජනනායක දක්වා අපට මතක ඔවුන් දීපු පොර ටෝක් හින්දා.

ඔවුන් දීපු පොරටෝක් ගෝඨාභයවත් දුන්නෙ නැහැ මතක විදියට.

දිවයිනේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වූ තිස්ස ජනනායකලා ද තමන්ගේ ටියුෂන් ක්ලාස් පවා දේශපාලන රැස්වීම් බවට පත් කරමින් ගෝඨාභයලා බලයට ගෙන ඒමට කටයුතු කළ අයයි. අබමල් රේණුවක භූමියේ දේශපාලනය පිළිබඳ කියවීමක් නැතිව, තමන් බලයට ගේන්න හදන්නේ කුමන ආකාරයේ පාලකයෙක් ද පාලනයක් ද යන්න පිළිබඳ පූරෝකථනයක් නැතිව ළමයින්ගේ පවා මොළ සේදුව අයයි.

අද ඔවුන්ගේ තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. තහනම් වචනය දේශපාලනයයි. ඒ අස්සේ ළමයින් ද ගන්නේ පුදුම ආතල් ය.

සර් මේ පාර ඡන්දෙ දෙන්නේ කාට ද? චිට් එකකින් පා කර එවූ පැනයට සර් දීපු උත්තර ඊටත් වඩා ආතල් ය.

ඒ උත්තර කිතුලට නැග අතටම අහුවුණු එකා දීපු උත්තරවලටත් වඩා ආතල්ය. මේ සර්ගේ උත්තරයයි.

“සාමාන්‍යයෙන් මිනිස්සු එකම වැරැද්ද දෙපාරක් කරන්නේ නැහැ. එක සැරයක් කාපු පරිප්පුව හොඳටම ඇති. දැන් මම රට හදන්න යන්නෙ නෑ. මං හැදෙනවා. කෙළව ගත්තෙ රට හදන්න ගිහින්. තොපි ඕන මළ දානයක් කර ගනියව්. මං හැදෙන හැටි විතරයි මං හිතන්නේ. මේ පාරට කලින් ජනාධිපතිවරණයකදී අපි හිතුවා මේක අපේ වගකීමක් දැන් හදන්න ඕනෙ කියලා.

ඕගොල්ලො ඔය අහනවා වගේ තමයි. ඕගොල්ලොත් මේ සමාජෙ කොටසක්නේ. ඊට පස්සෙ ඒ එන නායකයා මොකක් හරි අවුලක් වෙලා අසාර්ථක වුණොත් ඒ යකාට නෙවෙයිනේ බනින්නේ. ඌට බනින්නෙ නෑ. කාට ද බනින්නේ? සර්ලා තමයි අපිට ඡන්දෙ දෙන්න කිව්වෙ. සර් වගකියන්න ඕනේ. සර් ජාතියෙන් සමාව ගන්න ඕනේ. එතකොට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන්නෙ තනි මම විතරයි. ඒ කියන්නෙ උන් ඔක්කොම ඡන්දෙ දීලා තියෙන්නෙ මං කිව්ව නිසා.

ඔය කුණු කතා ආයෙ අහගන්න ඕනෙ නෑනෙ. තොපි ඕන මඟුලක් කරගනියව්. මං ඔය ලෙඩක් දුකක් හැදෙන හැටි කියලා ඒකට ප්‍රතිකාර ගන්න හැටි කියලා දෙයියනේ කියල ඉන්නවා.

මම ඉගෙන ගත්තු හොඳම පාඩම ඉගෙන ගත්‍තා. ආයෙ කිසි දවසක කිසිම දේශපාලන පක්ෂයක්, මොන පිංගුත්තරයෙක් ගැනවත් කතා කරන්නෙ නෑ. මොකද දන්නව ද? මට ඒවයින් ලබා ගන්න කිසිම දෙයක් නෑ. කලින් වෙච්ච දේම ආයෙ වුණොත් ආයෙ මඩ කාපන්කෝ.

උඹලා කැමති කෙනෙක්ට දී ගනිල්ලා. දීලාකරගනිල්ලා. මං හැදෙනවා එච්චරයි. අපි හැදෙමු තනි තනියම. එක සැරයක් කතා කරලා කෙළෝගත්තනේ. තව පොඩ්ඩෙන් ගේත් ගිනි තියනවා”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!