කොටස් වෙළෙඳපොළ පැය 5ක් කෙරේ..

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු කාලසීමාව එළඹෙන අපේ‍්‍රල් 10 වැනිදා සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අනුව එළඹෙන 10 වැනිදා සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර පස්වරු 2.30ට වසා දමනු ඇත.

මේ වන විට කොටස් වෙළෙඳපොළේ සාමාන්‍ය ගනුදෙනු කාලය පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3කට සීමා වී තිබේ.

සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 5ක් වූ අතර 2020 වසරේ දී කොවිඞ් වසංගතයත් සමඟ පැවති වාතාවරණය හමුවේ එය විටින් විට සංශෝධනය විය.

ඒ අනුව මේ වන විට පැය 3ක්ව පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය අපේ‍්‍රල් 10 දින සිට පැය 5ක් දක්වා දීර්ඝ වනු ඇත.ශ

Latest News

More like this

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...