“සර්ව ජන බලයෙන්” දිලිත් ජයවීර ජනපති සටනට

‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පක්ෂයේ විධායක සභාවේ ඒකමතික තීණයෙන් පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පත් කරගන්නා බව අද (04)නිල වශයෙන් දැනුම් දීම සිදු කළා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැත්වුණ ‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තෝරා ගැනීමේ ජාතික සමුළුව අතරතුර දීය.

එහි දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්‍ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් විසින් එය ස්ථිර කර සිටියා.

Latest News

error: Content is protected !!