පොහොට්ටුවේ ප්‍රබල දිස්ත්‍රික් සංවිධායකවරු හතරක් වෙනස් කරයි.. අනුරාධපුරේට නාමල්ව දමයි

මේ වන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පක්ෂයේ ප්‍රකාශකයකු පවසනවා.

එම තීරණයට අනුව ගම්පහ, අනුරාධපුරය, ගාල්ල හා මාතර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස කටයුතු කළ ප්‍රබල දේශපානඥයන් සිව් දෙනෙකු වෙනස් කළ බවයි එම ප්‍රකාශකයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස සිටි අමත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට රාජ්‍ය අමත්‍ය ඉන්දික අනුරුද්ධ පත් කර ඇති අතර අනුරාධපුර සංවිධායක සිටි එස් එම් චන්ද්‍රසේන වෙනුවට නාමල් රාජපක්ෂ පත් කළ බව ඔහු කියා සිටියා.

ගාල්ල සංවිධායක සිටි අමාත්‍ය රමේෂ් පතිරණ වෙනුවට මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ද මාතර සංවිධායක සිටි කංචන විජේසේකර වෙනුවට නිපුණ රණවක ද පත් කර ඇති බව සඳහන්.

Latest News

error: Content is protected !!