පිරිමියෙක් කියා ලෝකෙම බැනපු ඉමානේ කලීෆ් බොක්සිං වළල්ලේ හඬා වැටේ

ආන්දෝලනාත්මක ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කලීෆ් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං කාන්තා කිලෝග්‍රෑම් 66 කාණ්ඩයෙන් හංගේරියාවේ ඇනා ලූකා හමෝරි පරාජය කිරීමෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඒ ඇයගේ හංගේරියානු ප්‍රතිවාදිනියට එරෙහිව 5-0 ඒකමතික ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඒ සමඟ ඇය අවම වශයෙන් පැරිස් ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කමට සුදුසුකම් ලැබුවා.

පසුගිය සතියේ ඉමානේ මුළු ලෝකයේම අවධානයට පත් වුණේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙනි.

ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි තත්පර 46කින් පරාජයට පත් කිරීමට ඇය සමත් වුණා.

ඒ කරීනි තරගයෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟයි.

කලීෆ් පිරිමියෙකුගේ හයියෙන් ඇයට පහර දුන් බව පවසමින් කරීනි බොක්සිං වළල්ලේ හඬා වැටුණු අතර පිරිමියෙක් වගේ ගැහැණියක්ගෙන් ගුටි කන්නේ කොහොමදැයි අසමින් ඇයට ලෝකයම එරෙහි වූයේ ඉන් පසුවයි.

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මෙම ගැටලුව නිසා සතිය පුරා විවේචකයන්ගේ, මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල අවධානය යොමු වූ ඇය, හංගේරියාවේ හමෝරි 5-0ක් ලෙස පරාජය කර ඇත්තේ පිරිසිදු ජයග්‍රහණයක් තහවුරු කරමිනි.

මීළඟ තරගයේදී ඇය රන් පදක්කම සඳහා උපරිම උත්සහ කරනු ඇති අතර මෙම ජයග්‍රහණය කලීෆ්ට අතිශය හැඟුම්බර එකක් වන්නට ඇත්තේ ඇයට විඳින්නට සිදුවූ අනේක විධ නින්දා අපහාස නිසාම විය යුතුයි.

තරගය ජයග්‍රහණය කළ විගසම කලීෆ් කඳුළු සලමින් ඇගේ පුහුණුකරුවන් වැළඳ ගනිමින් ඇගේ ශෝකය මුදා හැරියේ බොහෝ දෙනෙකු සංවේදී කරමින්.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...