දකුණේ කිරිබත් ලුණුමිරිස් රසයි කියලා මගේ අතින්ම දෙවැනි කිරිබත් කෑල්ලත් ඉල්ලගත්තා.. ටැටූ හිමිකරුගේ මවට වසන්ත අන්තිමටම කිව්ව දේ

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය වීමට සුළු මොහොතකට පෙර ඔහුගේ ඝාතනය සැලසුම් කිරීමට සහාය වූ බව කියන ටැටූ ආයතනයේ හිමිකරුගේ මවට පැවසූ දේවල් ඇය විසින් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඝාතනය වන අවස්ථාවේ ද ඇය විසින් ටැටූ ආයතනය විවෘත කිරීම සඳහා හැදූ කිරිබත් කමින් සිටි බවයි ඇය පවසන්නේ.

“වෙඩි තියන තැනමයි මං හිටියෙ. මං තමයි කිරිබත් කෑල්ල බෙදලා දෙන්නෙත්. දකුණේ කිරිබත් ලුණු මිරිස් රසයි. ඔයාද හැදුවේ කියල අහලා මගෙන් තව දෙවැනි කෑල්ලත් ඉල්ලගෙන කකා ඉන්නකොට තමයි සර්ට ඔය අපරාධය වුණේ” යැයි ඇය පවසා තිබෙනවා.

රූපවාහිනී නාළිකාවකට සාකච්ඡාවක් දෙමින් ඇය මෙසේ ද සඳහන් කර සිටියා.

“කලින් දවසෙ පුතා කතා කරල එනවද කියලා අහන්න කතා කරාම සර්ගෙ ප්‍රයිවට් සිකියුරිටි එකත් එක්ක එනවා කියල තමයි කියලා තිබුණේ.

අන්තිමට මගේ පුතාට කිව්ව මල්ලි මං නැති බැරි මිනිහට උදව් කරන්න කැමතියි. මේක දියුණු කරගන්න කිව්වා”

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...