කුවෙට්හි දී අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් නිදහස්

කුවේට්හි දී පැවැත්වූ “ශ්‍රී ලංකන් සමර් නයිට්” ප්‍රසංගය අතරතුර අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ගෙන් 24 දෙනෙකු නිදහස් කරගත් බව කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස ඊයේ (03) රාත්‍රියේ මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු ගායක ගායිකාවන් හා ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු සිකුරාදා (02) කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වුණා.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ‘එතෙර අපි’ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රසංගය පැවැත්වීමට නිසි පරිදි අවසර ලබා නොගැනීම නිසා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි කුවෙට් තානාපති කාර්යාලය පවසන්නේ.

ගායක ගායිකාවන්ට අමතරව සංගීත කණ්ඩායම සහ උත්සව සංවිධායකයන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ ද සිය භාරයට ගැනීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු ඊයේ රාත්‍රියේ නිදහස් කෙරුණ නමුත් සංවිධායක කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...