රෝහිතගේ සහායත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රීක් ජනතාව, දේශපාලන අධිකාරිය ඇතුළු සියලුම නාගරික, ප්‍රාදේශීය මන්ත්‍රීතුමන්ලාගේ බලවත් ඉල්ලීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීමට තීරණය කළ බවත් ඒ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කළුතරදී අද (04) පෙරවරුවේ විශේෂ ජන හමුවකදී ඒ මහතා මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...