සමගියේ අලුත්ම බෙදීම් තීව්‍ර වේ

සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ පැරණි හා අලුතින් එක් වූ පාර්ශවයන් අතර බෙදීම් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ.

ඒ ලබන 08 වෙනි දින සජිත් ප්‍රේමදාස තමාට සහය දක්වන කණ්ඩායම් කිහිපයක් එක් කර ගෙන සමගි ජන සන්ධානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබිය දීය.

ඊයේ (03) රාත්‍රිය වනවිට වාර්තා වූයේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටි රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවට මහාචාර්ය ජී. එල්. පීරිස් ආදේශ වෙමින් ඉදිරියට එමින් සිටින බවත් ඒ අනුව මතභේදයන් වර්ධනය වෙමින් පවතින බවයි.

මේ අතර මුදල් අමාත්‍ය ධුරය අපේක්ෂා කළ ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට ආචාර්ය නාලක ගොඩහේවා ආදේශවීම ද තහවුරු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, එම්. එස්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීන් අභිබවා අලුතින් එක් වූ චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම වැනි අය සජිත් ප්‍රේමදාස හමුවේ තම ස්ථානය තහවුරු කර ගැනීමද මතභේදයන්ට තුඩු දී තිබෙනවා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, තලතා අතුකෝරාල සහ රාජිත සේනාරත්න වැනි පාර්ශවයන් ද මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය නොදෙන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද සියලු දෙනාගේ අවධානය යොමුවී පවතී.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!