මම ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට දෙවරක් සහභාගී වූ කෙනෙක්.. ජනපති අපේක්ෂක දිලිත්ගේ පළමු කතාව

තමා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට දෙවරක් සහභාගී වූ අයෙක් බව සර්ව ජන බලය සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස සිය ප්‍රථම කතාව සිදු කරමින් දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළා.

තමා ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වුයේ පාසලේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටින බව ඔහු සඳහන් කර සිටියා.

රට බේරාගත යුතු සියලු අවස්ථාවල දී රට පැත්තේ හිටගත් තමන් චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර මෙහෙය වු බව දිලිත් ජයවීර මෙහි දී ප්‍රකාශ කළා.

දිලිත් ජයවීර ව්‍යවසායකයෙක්ටත් වඩා දේශපාලනයට සංවේදීව කටයුතු කළ පුද්ගලයෙක් බව ද ඔහු පවසනු ලැබුවා.

“ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටත් අපි උදව් කළා. අපි හිතුවෙ නෑ ඔහුගේ සහෝදරයා ඔහුගේ බෑණා ඔහුව එළවන්න කුමන්ත්‍රණය කරයි කියලා. එතුමට විරුද්ධව කුමන්ත්‍රණකරුවෝ ඔහුගේ කාර්යාලය අස්සට දායි. කෙසේ හෝ අපේ සිහිනය ඔහු පාවා දුන්නා.මේ රට විශිෂ්ට දේශයක් කර ගැනීමට අපට තිබුණු සිහිනය”

ඔහුගේ නායකත්වයෙන් යුත් සර්ව ජන ඡන්ද බලය සන්ධානයේ ජනපති අපේක්ෂක නම් කළ ජාතික සමුළුව අතරතුර ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවා.

මගේ සහෝදර විමල් වීරවංශ දන්නවා 2004 දී අපි කොහොමද රට පෙරට කැම්පේන් එක කළේ. රට පෙරට කැම්පේන් එක කරනකොට රනිල් වික්‍රමසිංහ අගමැති. ඔහුව එළියට දාන්න කැම්පේන් එක කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වයෙන් යුතු වෙලාවක. ඔහු දන්නවා රටට ඒ තර්ජන එනකොට මම ජනතා විමුක්ති පෙරමුණ එක්ක කෙතරම් සමීපව වැඩ කරාද කියන එක. ජනතා විමුක්ති පෙරමුණේ විශාලම ජයග්‍රහණය වුණු ආසන 41 ක් දිනා ගන්න. ඒ මහමැතිවරණය වෙලාවේ ඔහුත් මාත් පාගොඩ පාරේ ගෙදර මොනතරම් හම්බෙලා තියෙනවද? ඒව අමතක කරන්න එපා කියලා පරණ මිත්‍රයන්ටත් කියන්න ඕන.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!