රනිල් කියන්නේ පිපෙන්නෙ නැතිව මිලාන වෙච්ච මලක්.. ආශ්චර්යමත් ලෙස පිපීමක් තමයි වෙලා තියෙන්නේ

ජනපති රනිල් වික්‍රමසිංහ වසර දෙකක ඔහුගේ පාලනය කාලය තුළ අවම බලයක් භාවිත කර ඉතිහාසයේ විශාලම අර්බුදයෙන් රට ගලවා ගත් නායකයකු බව ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන වික්ටර් අයිවන් මහතා පවසනවා.

රනිල්ගේ ප්‍රතිරූපය විනාශ කරන විශාල වැඩපිළිවෙළක් රටේ පැවති බවත් නායකත්වය හිමි වීමට තිබූ අවස්ථා ගණනාවක් ඔහුට ගිලිහී ගිය බවත් ඔහු සඳහන් කළා.

ඒ යූ ටියුබ් නාළිකාවක් හා සංවාදයකට එක් වෙමින්.

කෙසේ වෙතත් අවසානයේ රටට ඔහු ඕනෑ වුණු අවස්ථාවක් පැමිණි බවත් අර්බුදය භාරගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් බව තමා ප්‍රකාශ කළේ වසර දෙකකට පෙර බවයි ඔහු කියා සිටියේ.

“එක්කෙනෙක්වත් මැරුවෙත් නෑ. පැහැරගෙන ගියෙත් නෑ. හිරේ දැම්මෙත් නෑ. මං මේ සුදු හුණු ගාණව නෙවෙයි. එයාගෙ වැරදි ඇති. නමුත් මනුස්සයෙක් ගණන් හදද්දි වැරදි හොඳයි ගොඩ දෙකකට ගහන්න ඕනනේ. ඒ ගොඩවල් දෙක ගැහුවම මට පේන්නේ වැරදි ගොඩක් පල්ලෙහායින්. හරි තියෙන්නෙ හුඟක් උඩින්.

මම මෙයාව දන්නවා. මම හොඳට විවේචනය කරල තියෙනව මෙයාව. දරුණු විදියට විවේචනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙයා ගැන ගෞරවයකුත් තිබුණා. විවේචන කරන අතරෙත් මං කිව්වා මෙයා මොළ කාරයෙක් බුද්ධිමතෙක් කියලා. පැය ගණන් ශාස්ත්‍රීය සංවාදයක යෙදෙන්න පුළුවන්. එහෙම දේශපාලනඥයෝ ලංකාවේ නෑ. මං අවුරුදු දෙකකට කලින් කිව්වෙ මේ අර්බුදය භාරගන්න ඉන්න ස්මාර්ට්ම කෙනා ඔහු බව. ඒක ඇත්‍ත වුණා. දැන් මම කියනවා රටේ මහජනයා අතරත් ලොකු පිළිගැනීමක් තිබෙනවා.

රනිල්ගේ ප්‍රතිරූපය විනාශ කරන වැඩපිළිවෙළක් රටේ තිබුණා. ඉතාම දරුණු විදියට එයාව විනාශ කරා. ඒකට උත්තර දෙන්න ගියෙත් නෑ.

ඒක පළමුව ලොකුවටම කළේ මංගල. ඇත්තටම 2015 අයිතිය තිබුණෙ රනිල්ට. මට තේරුණා සිස්ටම් එක බිඳ වැටීම වේගවත් වෙනවා මේකෙන් කියලා. මොකද සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂය තමයි තමන්ගේ නායකයා තෝරන්නේ. ඒ අවස්ථාව නැති කරලා යූඇන්පී ඡන්දවලින් අලුත් නායකයෙක් ගේන ක්‍රමයක් කරළියට ආවා. මම සෝභිත හාමුදුරුවෝ ගිහිල්ලත් හම්බවෙලා මේක කරන්න එපා කියල කිව්වා. ඉල්ලීම් දෙකක් කිව්වා. එක ඔබ වහන්සේ ඉල්ලන්න එපා කියලා.

රනිල් පිපෙන්නේ ස්වභාවික මලක් විදියට නෙවෙයි. එයා පිපින්නෙ පිපෙන්නෙ නැතිව මිලාන වෙලා තිබ්බ මලක්. ආශ්චර්යමත් පිපීමක් තමයි මේ වෙලා තියෙන්නෙ. එහි හරි අපූරු බවක් තියෙනවා. විශේෂත්වය තමයි එක ආසනයයි තියෙන්නෙ. ඊට පස්සෙ මහා අර්බුදයක්. සාමාන්‍ය අර්බුදයක් නෙවෙයි මගේ මතය.

ප්‍රභාකරන්ගේ යුද්ධයයි ජේ.වී.පී කැරලි දෙකයි මේ ඔක්කොම එකට තිබ්බත් ඒ අර්බුදයට වඩා විශාල අර්බුදයක්. ඒ අර්බුදය විසඳන්න තමයි ඉදිරිපත් වෙන්නෙ. එයාව ඕන වෙන්නෙත් එයා ඉදිරිපත් වෙන්නෙත්. තමන්‍ට කියලා පාර්ලිමේන්තු කණ්ඩායමක්වත් නෑ. එයා ඒක ජයගන්නවා. තමන්ගේ කණ්ඩායමක් හදාගන්නවා. මේක තමයි ලංකාව පළමුවරට නායකයෙක් ටෙස්ට් කරපු අවස්ථාව. මේ අභියෝගය යා යුතුව තිබුණේ විරුද්ධ පක්ෂයට. ඒ අභියෝගය ඔවුන් භාරගත්‍තෙ නෑ”

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!