ජනපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියා.

ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සමඟ කෙටි සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව ද සොයා බැලීම් සිදු කරනු ලැබුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...