වැන්ඩර්සේගේ පන්දු හරඹය හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

එක් දින තරග 23 ක් අතරතුර සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ ජෙෆ් රි වැනඩසේ ලකුණු 33 කඩුලු හයක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉණිමට ගොඩ නැගීමට විශාල දායකත්වයල් ලබා දුන් අතර ඉන්දීය කණ්ඩායමේ ග්‍රහණය මුලුමනින්ම ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.

එය ඉන්දියාවට එරෙහිව එක් දින තරගයක දී සිව්වැනි හොඳම පන්දු යැවීමයි. ඉන්දියාවට එරෙහිව එක් දින තරගයක හොඳම පන්දු යැවීමේ හොඳම වාර්තාව වසර 2000 දී ලකුණු 30 කට කඩුලු 7ක් දවා ගනු ලැබූ මුත්තයියා මුරලිදරන් සතුව පවතී.

ලකුණු 20කට කඩුළු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් නායක චරිත් අසලංක ලබා දුන් දායකත්වය ද මෙහි ලා කැපී පෙනුණා.

නායක රෝහිත් ශර්මා පිට පිට දෙවැනි වරටත් අර්ධ ශතකයක් රැස් කරමින් ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් දුන්නේ පළමු කඩුල්ලට ශුබ්මන් ගිල් සමඟින් ලකුණු 97ක් එක් කරමිනි.

කෙසේ වෙතත් පන්දු 44කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 64ක් රැස් කර සිටි ශර්මා පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් වූ ජෙෆ්රි වැන්ඩර්සේ අනතුරුව තවත් ලකුණු 50ක් තුළ පිතිකරුවන් 5 දෙනකු දවා ගැනීමට සමත් වුණා.

6 වැනි කඩුල්ලට ලකුණු 38ක් එක් කිරීමට අක්සර් පටෙල් (44) සහ වොෂිංටන් සුන්දර් සමත් වුවද ලකුණු 6ක් තුළ ඔවුන් දෙදෙනා දවාගත් නායක චරිත් අසංලක ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස මොහොමඩ් සිරාජ් දවා ගත්තේ මුළු ලකුණු 201දීය.

තවත් ලකුණු 7ක් එක්වෙද්දි අර්ෂදීප් සිං දුවද්දි දැවී යෑමෙන් ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 136ක් වෙද්දී මුල් පෙළ පිතිකරුවන් 6 දෙනකුම යළි ක්‍රීඩාගාරයේ අසුන් ගනිද්දී ඉනිම ඇදගෙන යෑමේ බර කරටගත් දුනිත් වෙල්ලාලගේ (39) සහ කමිඳු මෙන්ඩිස් අවසන් කඩුලු 3ට ලකුණු 104ක් එක් කරමින් ලකුණු පුවරුව 240 සීමාවට රැගෙන යෑමට කටයුතු කළා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිශ්ශංක දැවී ගියේ ශ්‍රී ලංකා පිළිට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 74ක් එක් කිරීමට සමත් වූ අතර, එම සබඳතාව බිඳ දැමූ වොෂිංටන් සුන්දර් පිට පිට පන්දු 2කින් මේ දෙදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා තිබුණේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංග සහ මොහොමඩ් ශිරාස් වෙනුවටය.

දෙරට අතර අවසන් එක්දින තරගය අනිද්දා (7) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...