ආණ්ඩුවේ බහුතර බලය ගිලිහී යයි.. විශ්වාසභංගයකටත් මූණ දීමට සිදුවෙන ලකුණු

මේ වන විට ආන්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වෙමින් පවතින අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවට වාර්තා පළවෙමින් පවතී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම මත ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ගොස් ඇති බව විශ්වාස කරමින් විපක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වමින් සීයකට ආසන්න මන්ත්‍රී පිරිසක් සිටින අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න මන්ත්‍රී පිරිසකගේ බලය ඔහු වෙත හිමි වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවී තිබෙන බෙදීම මත නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට විපක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය සමග ආණ්ඩු පක්ෂයේ බහුතර බලය යම් අභියෝගයකට ලක්ව ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පොදු ජන පෙරමුණ දරණ මතය සමග සිටින අතර ඔවුන් විපක්ෂයේ අසුන් ගන්නේ නම් අමාත්‍ය ධූරවලින් ඉවත්වීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...