නාමල් සජිත්ලා එක්ක විපක්ෂයේ වාඩි වේ.. රාජ්‍ය ඇමතිවරු පිරිසක් ඉල්ලා අස්වීමටත් ලෑස්තියි

ආණ්ඩු පක්ෂයට බහුතර බලය අහිමි කරමින් නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමේ සුදානමකින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

නාමල් හිතවාදී මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කිරීමට ද තීරණය කර ඇති බව ද මේ අතර වාර්තා වී තිබෙනවා.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනා මේ සතියේදී සිය මැති ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බවයි.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් රාජපක්ෂ හිතවාදීන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ මේ වනවිට ඉටු කරමින් සිටින්නේ විපක්ෂයේ භූමිකාවයි.

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

එසේම මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...